තරු කිරණ - The Sinhala Astrology Software
සදිසි ලෝකයේ අදිසි මානය - Unseen factor of the seen world

නිති අසන පැන. Frequently asked questions

තරු කිරණ මෘදුකාංගය කුමන පඤ්චාඞග ලිතක් භාවිතයෙන් නිපදවන ලද්දක් ද?

ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංග ලිත් භාවිතා කරන්නේ නැත. ඇත්තටම ලිත් නිර්මාණය කරන්නේ පරිගණක මෘදුකාංග මගිනි. ජ්‍යෝතිෂ්‍යය ගණනය කිරීම් සඳහා ඇමරිකාවේ NASA ආයතන විසින් ලබා දී ඇති ග්‍රහ පිහිටීම් සහ සූර්‍ය සිද්ධානතය ඇතුලු පැරණි ජ්‍යෝතිෂ්‍යය මූල ග්‍රන්තවල එන සිද්ධාන්ත භාවිතා කොට නිවැරදි ගණනය කිරීම් සිදු කරනු ලබයි. එසේම ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගයේ ප්‍රතිඵලය සෑම විටම ලිතකින් ලබන ප්‍රතිඵලයට 100%ක් සමාන වන්නේ නැත. පැරණි ලිත් වල මුද්‍රණ දෝෂ බහුලව දක්නට ඇත. මුද්‍රණ දෝෂ නැතත් ලිතකින් ඔබ කේන්ද්‍ර සටහනක් සැකසීමේදී බොහෝ අවස්ථාවල වැටයීමේ දී ඇති කරන දෝෂයන් ඇත. එසේම ලිත් පොතක සටහන් කරන ලද ලග්නයක් සඳහා ගත කාලය සෑම දිනයකටම එක සමාන නොවන අතර මධ්‍යම රාත්‍රී කාලයට ආසන්න වෙත්ම එහි දෝෂය ඉහල යන බව ද සිහියේ තබා ගන්න.

ශ්‍රී ලංකාවේ රජය විසින් ඔරලෝසු වේලාවේ සිදු කරන ලද කාල වලදී උපන් කේන්ද්‍ර සටහන් පරිගණකයට ඇතුලත් කරන්නේ කෙසේ ද?

ශ්‍රී මෘදුකාංගය මගින් ශ්‍රී ලංකාව තුල උපන් අයෙකුගේ වේලාව සටහන් කිරීමේ දී ඒ ඒ කාල තුල ශ්‍රී ලංකාව තුල පැවති සම්මත ඔරලෝසු වේලාවට සරිලන ලෙස වේලා කළාපය වෙනස් කරගනී. මේ නිසා ඒ කාලයේ භාවිතා කරන ලද ඔරලෝසු වේලාව මෘදුකාංගයට ලබා දීම ප්‍රමාණවත් ය. සරළවම පැවසුවහෝත් රෝහල විසින් ලබාදුන් වේලාව පරිගණකයට ලබා දීම ප්‍රමාණවත්ය. (ඔබට අවශ්‍යයනම් සවයංක්‍රීයව වේලාකලාපය සැකසීම නැවැත්විය හැක.) විදේශ කේන්ද්‍ර සැකසිමේදී නිවැරදි වේලා කළාපය තෝරාගැනීම සඳහා තරු කිරණ සමග ලැබුණු Location and DST finder යෙදුම භාවිතා කරන්න.

මෘදුකාංගය මගින් එන කේන්ද්‍ර සටහන වැරදියි? තරු කිරණ මෘදුකාංගයේ දෝෂයක් ද?

ඔබගේ කේන්ද්‍ර සටහන නිවැරදිව ගණනය කිරීම සඳහා උපන් දිනය, වේලාව සහ ස්ථානය යන කරුණු තුන නිවැරදි විය යුතුය. ඔබ සතුව දැනට ඇති කේන්ද්‍ර සටහන මෙම මෘදුකාංගය මගින් ලබා ගත් සටහනට වඩා වෙනස්නම් එයට හේතු විය හැකි කරුණු කිහිපයකි. ඒවා නම්,

  1. ඔබ විසින් ලබාදුන් දත්තයන් නිවැරදි නොවීම. උපන් දිනය, වේලාව (වේලා කලාපය) සහ ස්ථානය.
  2. විවිධ කාල වකවානු තුල ලංකාවේ සම්මත වේලාව වෙනස් කිරීම් සිදු කර ඇති අතර ඔබ විසින් ලබාදුන් වේලාව ඒ ඒ කාලයේ භාවිතා කරන ලද සම්මත වේලාවට වඩා වෙනස් වූ විට.
  3. කේන්ද්‍ර සටහන අතින් ගණනය කිරීමේදී ජ්‍යෝතිෂවේදියාට සිදුවුන අතපසු වීම්.
  4. පඤ්චාඞග ග්‍රහස්ඵුට ලිත්වල තිබුණු මුද්‍රණ දෝෂ.
  5. පඤ්චාඞග ග්‍රහස්ඵුට ලිත් මගින් ගණනය කිරීමේදී ඇතිවන වැටයීමේ දෝෂ.
  6. ජ්‍යෝතිෂවේදීන් ඔබ විසින් ලබාදුන් උපන් වේලාව වෙනස් කොට කේන්ද්‍රය සෑදීම.

ගැහැණු පිරිමි බව පදනම්කොට ඔබගේ නවාංශකය වෙනස් විය යුතු බවට පවතින මතය නිසා ඇතැම් ජ්‍යෝතිෂවේදීන් උපන් වේලාව වෙනස් කරන අතර ඒසේම ලබාදී ඇති උපන් වේලාව නිවැරදි නොවන බවට ඇති මතය නිසා ද මෙසේ වේලාව වෙනස් කොට කේන්ද්‍රය සකසයි. වේලාව නිවැරදි කොට ඇත්නම් හෝ නවාංශකය අනුව ගැහැණු පිරිමි බව වෙනස් විය යුතු බව සිතයි නම් එම වේලාව ඇතුලත් කිරීම මගින් නැවත කේන්ද්‍ර සටහන ගණනය කළ හැක.

මීට අමතරව ඔබ විසින් පරිගණක මෘදුකාංගයේ සැකසුම් වෙනස් කොට ඇති විටකදී වෙනස් උත්තර ලැබිය හැක. බොහෝ විට අනාම්සය වෙනස්වීම මගින් කේන්ද්‍ර සටහනම වෙනස් ලෙස ගණනය වීම සිදුවිය හැක.

දිනය ගණනය කරන ක්‍රමය කුමක් ද?

පරිගණකයට දත්ත ලබාදීමේ උපන් දිනය ඔබ විසින් ලබා දිය යුතු වන්නේ පැය විසිහතරේ(නාවික) ක්‍රමයට යි. එනම් රාත්‍රී 12ට(0 වන පැය) නව දිනය උදා වෙන ලෙසටයි. උදාහරණයක් ලෙස වසර ක්‍රි.ව. 2000 ජනවාරි මස රාත්‍රී 11(23න් වන පැය) යි විනාඩි 59යි තත්පර 59ට පසුව එළබෙන්නේ 2000 ජනවාරි මස 2වන දින 0 වන පැයේ 0 වන විනාඩියේ 0 වන තත්පරයයි. බොහෝ විට කේන්ද්‍ර සටහනක රාත්‍රී 1, 2 ආදී ලෙස සටහන්වී අැත්නම් පරිගණකයෙන් ගණනය කිරීමේ දී ඊට පසු දින අංකය ඇතුලත් කළ යුතුය. ඉරිදා සඳුදා ආදී දිනය මාරුවීම ජ්‍යෝතිෂ්‍යෙය් දී හිරු උදාවෙන් පසුව ගණනය කරන බවද සිහියේ තබා ගන්න. ඒ අනුව 2000 ජනවාරි මස 2වන දින පෙරවරු(අළුයම/හිරු උදාවට පෙර) 4ට උපන් දරුවෙකුගේ කේන්ද්‍ර සටහනක උපන් දිනය ල‍ෙස සෙනසුරාදා සටහන් වන අතර එදිනම උදෑසන 8ට (හිරු උදාවෙන් පසුව) උපන් දරුවෙකුගේ කේන්ද්‍ර සටහනක උපන් දිනය ලෙස ඉරිදා සටහන් වේ.

පලාපල කථනය කළ හැකි ද?

තරු කිරණ ජෙයා්තිෂ්‍යය ගණනය කිරීම් සඳහා නිපදනවන ලද මෘදුකාංගයකි. ජ්‍යෝතිෂ්‍යය පලාපල කථනය සංකීර්ණ විශයකි. මෘදුකාංගයකින් නිවැරදි පලාපල කථනය කළ නොහැකි බව අපගේ පිළිගැනීමයි. අවශ්‍යය නම් මෘදුකාංගයක් මගින් ගෝචර පලාපලයක් හෝ ග්‍රහ යෝග පිළිබඳ සටහනක් හෝ ලබා දිය හැකි වුවත් එය පලාපලයක් ලෙස නොගත යුතුය.

කේන්ද්‍ර සටහනේ ඉංග්‍රීසි අකුරු මොනවා ද? ඒවා ඉවත් කරන්න බැරි ද?

ඔබට අවශ්‍යයනම් මෙම අක්ෂර සටහන්වීම මෘදුකාංග සැකසුම් මගින් වෙනස් කරගත හැක. ඉංග්‍රීසි අක්ෂර මගින් දක්වා ඇති ග්‍රහ සංකේතයන්ගේ අර්ථයන් පහත පරිදි වේ.

  • HL - හෝරා ලග්නය
  • GL - ඝටී ලග්නය
  • AL - ආරූඩ ලග්නය
  • UL - උප පදය
  • A2, A3, .. A11 ආදිය - ඒ ඒ භාවයන් සඳහා ඇති ආරූඩ පද
  • වරහන් තුල දක්වා ඇත්තේ වක්‍ර ග්‍රහයන් ය.

ඩොංගලය (Security Key) යනු කුමක් ද? මෙයට අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍යය ද?

තරු කිරණ මෘදුකාංගය සමග ලබා දෙන ඩොංගලය එහි ආරක්ෂාව වෙනුවෙන් නිකුත් කරන ලද්දකි. එසේම ඔබ සතුව ඩොංගලය ඇතිනම් ඔබට තනිවම මෘදකාංගය ඕනෑම පරිගණකයකට ස්ථාපනය කර භවිතා කිරීමේ හැකියාව ලැබේ. මෙය අන්තර්ජාලයට සම්බන්ධ වන ඩොංගලයක් නොවේ. තරු කිරණ මෘදුකාංගය භාවිතා කිරීම සඳහා අන්තර්ජාලය අනවශ්‍යය. (විදේශ කේන්ද්‍ර සටහන් සැකසීමේදී Google Map සේවයේ සහය ලබා ගැනීමට අන්තර්ජාල සේවාව අවශ්‍යය වේ. නමුත් විදේශ කේන්ද්‍ර සැකසීමට මෙය අත්‍යාවශයය නොවේ.)

මාගේ ඩොංගලය (Security Key) අක්‍රීය වුනා. අලුත් ඩොංගලයක් ලබා ගත හැකි ද?

ඩොංගලයට බාහිරව හෝ අභ්‍යන්තරව හානිවූ විට පැරණි ඩොංගගලය ඉදිරිපත් කර නව ඩොංගලයක් සඳහා අප ආයනනයට දැරීමට සිදුවන මුදලට සමාන මුදලක්(බොහෝ විට ඇමරිකානු ඩොලර් 30කට ආසන්න වේ.) ගෙවීම මගින් අලුත් කර ගත හැක. අපගේ අත්දැකීම අනුව සාමාන්යෙයන් ඩොංගලයට හානිවීම හෝ අක්‍රීය වීම එතරම් සුලබ සිදුවීමක් නොවේ. බොහෝ පිරිසක් 2006 වසරේ සිට තවම ඩොංගලය භාවිතා කරයි.

මගේ අතින් ඩොංගලය (Security Key) නැතිවුනා? අලුත් ඩොංගලයක් ලබා ගත හැකි ද?

නොහැක. තරු කිරණ මෘදුකාංගයේ වගකීම ඩොංගලය හා බැඳී පවතී. ආයතනික ප්‍රතිපත්තියක් ලෙස නැතිවූ ඩොංගලයක් සඳහා නැවත ඩොංගලයක් ලබා දීම සිදු නොකරයි.