තරු කිරණ - The Sinhala Astrology Software
සදිසි ලෝකයේ අදිසි මානය - Unseen factor of the seen world

User Manual

තරු කිරණ මෘදුකාංගයේ අඩංගු සීඩී තැටිය හා ඩොංගලය පිළිබඳ හැදින්වීම

සීඩී තැටිය

මෙම සීඩී තැටිය භාවිතා කොට ඔබගේ පරිගණක අවශ්‍ය ප්‍රමාණයකට මෘදුකාංගය ස්ථාපනය කරගත හැක (මෘදුකාගය ස්ථාපනය කරන ආකාරය ඉදිරි පිටුවල දැක්වේ). ස්ථාපනය කිරීමෙන් අනතුරුව සීඩී තැටිය පරිගණකයෙන් ඉවත් කරන්න. නැවත මෙය අවශ්‍ය වන්නේ නව පරිගණකයක මෘදුකාංගය ස්ථාපනය කරන අවස්ථාවකදී පමණි.

ඩොංගලය

මෙය ප්‍රධාන වශයෙන්ම මෘදුකාංගයේ ආරක්ෂාව සඳහා සකස් වූ ආරක්ෂක යතුරකි. මෘදුකාංගයේ වඩාත්ම වැදගත් කොටස මෙයයි. ඔබ තරුකිරණ භාවිතා කරන සෑම අවස්ථාවකදීම මෙම ඩොංගලය පරිගණකයට සම්භන්ධ කොට තැබිය යුතු වේ. එසේ නොකල විට පහත දැක්වෙන පණිවිඩය ඔබේ පරිගණක තිරය මත දිස්වෙනවා ඇත.

යම්හෙයකින් මෙම ඩොංගලයට හානියක් සිදුවූ විට,

  • විනාශ නොවූ එක් කොටසක් හෝ (පිළිස්සීමක් වැන්නකට ලක්වූයේ නම්) හානි වූ ඩොංගලය රැගෙන ආවිට අප විසින් ඩොංගලය සඳහා 30$ (රු. 4500) ක් වැනි මුදලක් අයකොට ඔබට අළුත් ඩොංගලයක් ලබාදේ. එම කාලයේදී පවතින බදු ප්‍රමාණයන් හා ඩොංගලයේ මිළ ගණන් මත මෙම මුදල උච්චාවචනය විය හැක.

  • ඔබගේ අතින් මෙම ඩොංගලය අස්ථාන ගත වුවහොත් අප හට නැවත නව ඩොංගලයක් ලබාදීමට නොහැකි බව කාරුණිකව සලකන්න.

මෘදුකාංගය ස්ථාපනය

මුලින්ම ඔබට ලැබුනු CD තැටිය පරිගණකයට ඇතුලත් කරන්න. බොහෝමයක් පරිගණකවලදී CD තැටිය ඇතුලත් කර තත්පර කිහිපයක් ඇතුලත ස්ථාපනය කිරීමට අවශ්‍ය තරු කිරණ මෘදුකාංග සහිත තිරයක් දිස්වෙනු ඇත. ඔබගේ පරිගණකයේ එසේ නොවේනම්, CD තැටිය තුලට My Computer මාර්ගයෙන් පිවිසෙන්න. ඉන්පසු autorun නමින් දක්වා ඇති ගොනුව (file) මත දෙවරක් ක්ලික්(double click) කරන්න.

ඔබට ලැබුනු තිරය තුල ඇති “Tharu Kirana” නමින් සටහන් වූ බොත්තම ඔබන්න.

ඉන්පසු පහත දක්වා ඇති තිරය ඔබට දිස්වෙනු ඇත. Next යන බොත්තම ඔබන්න.

මේ තිරය මගින් ඔබට ස්ථාපනය කරන ස්ථානය අවශ්‍ය නම් වෙනස් කළ හැක. අවශ්‍ය වෙනස්කම් සිදුකල පසු නැවතත් Next යන බොත්තම ඔබන්න.

පහත තිරය ලැබුන විට නැවතත්  Next යන බොත්තම ඔබන්න.

පහත තිරය ලැබුනු විට Install යන බොත්තම ඔබන්න.

මේ තිර සටහනේ දක්වා ඇති ආකාරයට දැන් ඔබේ පරිගණකයට මෘදුකාංගය ස්ථාපනය වනු ඇත.

ස්ථාපනය අවසාන වුනු පසු පහත තිරය දිස්වෙනු ඇත. දැන් තරු කිරණ මෘදුකාගය පිහිටුවා අවසානයි. වැඩසටහනින් ඉවත් වීමට Finish යන බොත්තම ඔබන්න.

ඉහත ආකාරයටම PDF creator සහ Sumathra PDF reader යන මෘදුකාංගද ඔබගේ පරිගණකයේ ස්ථාපනය කරගන්න. මෙම මෘදුකාංග ඔබගේ පරිගණකයේ පිහිටවීම අත්‍යාවශ්‍ය නොවුනත් එම මෘදුකාංග ස්ථාපනය කිරීම මගින් ඔබට මෘදුකාංගය මගින් ලබාගන්නා මුද්‍රිත පිටපත් PDF ආකාරයට සකස් කොට ගැනීමේ හැකියාව හිමිවේ.

PDF creator ස්ථාපනය කර ගැනීම

ඔබට ලැබුනු තිරය තුල ඇති PDF creator නමින් වූ බොත්තම ඔබන්න. අනතුරුව දැක්වෙන වගුවේ භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව තෝරා OK බොත්තම ඔබන්න.

ඉන්පසු පහත දක්වා ඇති තිරය ඔබට දිස්වෙනු ඇත. Next යන බොත්තම ඔබන්න.

අනතුරුව ලැබෙන මෙම තිරයෙහි “I accept the agreement” යන ස්ථානයට තිත තබා Next යන බොත්තම ඔබන්න.

පහත තිරය ලැබුනු විට Images2PDF සහ PDFArchitect යන ස්ථානයන්හි ඇති හරි සහ තිත් සළකුණු ඉවත් කරන්න.

එවිට මෙසේ දිස්වෙනු ඇත. Next යන බොත්තම ඔබන්න.

පහත තිරය ලැබුනු විට Install යන බොත්තම ඔබන්න.

දැන් PDF creator මෘදුකාගය පිහිටුවා අවසානයි. Finish යන බොත්තම ඔබන්න.

Sumathra PDF reader ස්ථාපනය කරගැනීම

ඔබට ලැබුනු තිරය තුල ඇති Sumathra PDF reader නමින් වූ බොත්තම ඔබන්න. ඉන්පසු වම්පස දිස්වෙන වගුවේ “ Install SumatraPDF” නම් වූ බොත්තම ඔබන්න. දකුණුපස තිරය ලැබුණු පසු Start SumatraPDF බොත්තම ඔබන්න.


ඔබේ පරිගණකයේ නිවැරදිව මෘදුකාංගය ස්ථාපනය වුවා නම් තරු කිරණ මෘදුකාංගයට පිවිසීම සඳහා අයිකන (icons) ඔබගේ පරිගණකයේ Desktop එක මත දැක ගත හැක. එසේම ඔබට Start > All Programs > Tharu Kirana යන මාර්ගයෙන්ද මෘදුකාංග සඳහා පිවීමට හැක.

තරු කිරණ සමග ලැබුනු ඩොංගලය පරිගණකයට සම්බන්ධ කරන්න. ඉන් පසු ඉහත දක්වා ඇති පරිදි Desktop එක මගින් හෝ Start Menu එක මගින් තරු කිරණ මෘදුකාංගයට පිවිසෙන්න.

ආරම්භක ප්‍රධාන තිරය

ඔබ පළමුව මෘදුකාංගය ධාවනය කළ විට මෙම තිරය දිස්වේ. ඔබට අවශ්‍ය කේන්‍ද්‍ර සටහන ඇතුලත් කිරීමට File > New පි‍විසෙන්න. එවිට පහත උපන් වේලාව හා දත්ත ඇතුල් කිරීම යටතේ දක්වා ඇති තිරය ලැබේ.

උපන් වේලාව හා දත්ත ඇතුලත් කිරීම

  • මෙම කොටසේ නම ලෙස සඳහන් ස්ථානයට ඉදිරියෙන් ජන්මියාගේ ‍හෝ කේන්‍ද්‍ර සටහනට අදාල නම සටහන් කරන්න.
    • මෙය සටහන් කිරීම අත්‍යාවශ්‍ය නොවේ. නම සටහන් කිරීම අවශ්‍ය වනුයේ මුද්‍රිත පිටපතේ ජන්මියාගේ නම මුද්‍රණය කිරීම සඳහා පමණි.
  • උපන් දිනය ලෙස සටහන්ව ඇති ස්ථානයට ඉදිරියෙන් දිනය මාසය හා වසර සටහන් කරන්න. ‍
    • උපන් වේලාව ඉංග්‍රීසි 24 පැය ක්‍රමයට උපන් වේලාව ලෙස සටහන් ස්ථානයට ඉදිරියෙන් සටහන් කරන්න.
    • උපන් වේලාව සඳහා සම්මත දේශීය වේලාව ඇතුලත් කරන්න.
    • Current Date ලෙස සඳහන් බොත්තම තද කිරීම මගින් දැනට පවතින වේලාව හා දිනය, උපන් දිනය හා වේලාව ලෙස සකස්වේ.
  • ගැහැණු පිරිමි බව ‍තෝරන්න.
    • ගැහැනු පිරිමි බව තේරීම මගින් උපන් වේලාවේ කිසිදු සංශෝදනයක් නොවේ. කිසිදු ගණනය කිරීමකටද යොදා නොගනී. ගැහැනු හා පිරිමි වීම මත නවාංශයකය වෙනස් විය යුතු බවට මතයක් තිබුනද මෙම මෘදුකාංගය මගින් සපයා ඇති වේලාවට පමණක් කේන්‍ද්‍ර සටහන සාදයි. ඔබට එසේ කිරීමට අවශ්‍ය නම් වේලාව සංශෝදනය කල යුතුය. ලග්නය හා නවාංශකය පහත දක්වා ඇති නිසා එය පහසුවේ. මුද්‍රිත පිටපතේ දැක්වීම සඳහා පමණක් ගැහැනු පිරිමි බව භාවිතා‍ වේ.
  • ජන්මියා උපන් රට තෝරන්න. උපන් රට ලෙස ශ්‍රී ලංකාව තේරූ විට පමණක්
    • උපන් පලාත යන්න දිස්වෙනු ඇත. එය ද නිවැරදිව ‍‍තෝරන්න. ඉන්පසු උපන් ස්ථානයට ආසන්නම ස්ථානයක් තෝරන්න. ඔබ නිවැරදි අක්ෂාංශකය හා දේශාංශකය දන්නා විටක උපන් ස්ථානය නොසලකා පිහිටීම තුල නිවැරදිව අක්ෂාංශ හා දේශාංශකය ඇතුලත් කළ හැක.
  • වේලා කලාපය ස්වයංක්‍රීයව සකසා ඇත. නිවැරදිදැයි සැකහැර දැනගන්න.

  • සියළුම දත්ත නිවැරදිව ඇතුලත් කලේ නම් Apply යන බොත්තම තදකරන්න.

ප්‍රධාන ටැබ් මෙනු තීරය

A. ප්‍රධාන තිරයට පිවිසෙනුයේ මේ හරහාය. බොහෝමයක් ප්‍රධාන කාර්‍යන් මේ යටතේ ඇත. ඉදිරියේදී එකින් එක පිළිබඳව විස්තර‍ කෙරෙනු ඇත.

B. ඔබ විසින් සාදන ලද කේන්‍ද්‍ර සටහනේ (ලග්න නවාංශක, දෙර්කාණ ආදී) රූප සටහන මෙහි දක්වයි. මෙම කොටසේ සමීප රූපයක් පහත දැක්වේ.

1)  ඔබ විසින් මවුසය ‍තබා ගෙන සිටින කොටු‍ව ග්‍රහ දෘෂ්ඨියෙන් සහ රාශි
    දෘෂ්ඨියෙන් දකින ග්‍රහයන්ගේ නම් වෙන වෙනම දක්වයි.

2)  දැනට ලග්නය ලෙස භාවිතා කර ඇත රාශිය කුමන වර්ග කේන්‍ද්‍ර යක්ද යනවග
    (ලග්නය, දෙර්කාණය, නවාංශකය ආදී) හා ලග්න ස්ථුටය යන විස්තර දක්වයි.

3)  ඔබ විසින් තෝරාගන්නා ලද වර්ගකේන්‍ද්‍ර යේ ‍රූප සටහනක් මෙහි දැක්වේ.
    වක්‍ර ග්‍රහයන් වරහන් තුල දක්වයි.

4)  අවශ්‍ය වර්‍ග කේන්ද්‍රය මෙතනින් තෝරාගත හැක. එයට පහතින් දැනට පළමු භාවය
    ලෙස ලග්නය යොදා ගෙන ඇති බව දක්වයි.

5)  ඔබ විසින් දැනට මවුසය ‍තබා ගෙන සිටින කොටු‍ව කුමන රාශියක්ද යන වග සහ ඊට
    අධිපති ග්‍රහයා දක්වයි.

B. මෙම කොටස මගින් ඔබ විසින් ලබාදුන් කේන්ද්‍ර සටහනට අදාල පංචාංග, චරකාරකත්ව, ‍හෝරාව ආදී විස්තර දක්වයි.

D. මෙම කොටස මගින් ඔබට ග්‍රහයන්ගේ, විශේෂ ලග්නයන්ගේ උපග්‍රහයන්, විශේෂ ස්ථුට ආදියේ ස්ඵුට නැකැත් නැකැත් පාද රාශි අවස්ථා යනාදී විස්තර ද සහම බලා ගත හැක.

මෙම කොටස මත දකුණු ක්ලික් කිරීම මගින් ලැබෙන මෙනුවෙන්

  1. All Body තේරීමෙන් ග්‍රහයන්ගේ, විශේෂ ලග්නයන්ගේ, උපග්‍රහයන්, විශේෂ

    ස්ථුට ආදී සියල්ලේ විස්තරද

  2. Basic Body තේරීමෙන්, ලග්නය ග්‍රහයන් නමදෙනා සහ ‍යුරේනස් නෙප්චූන්

    ප්ලූටෝ යන ග්‍රහයන්ගේ විස්තරද

  3. Special Lagna තේරීමෙන්, විශේෂ ලග්නයන්ගේ විස්තර ද

  4. Upagraha තේරීමෙන්, උපග්‍රහයන්ගේ විස්තර ද

5.Special Sputa තේරීමෙන්, විශේෂ ස්ථුටයන්ගේ විස්තර ද ලබා ගත හැක.

සැලකිය යුතුයි : ‍ඉහත අංක 1 සිට 5 දක්වා දක්වනුයේ ඔබ විසින් B කොටසේ තේරූ වර්ග කේන්‍ද්‍ර යට අදාල විස්තරයි.

6. Sahama තේරීමෙන් සහමයන්ගේ නැකැත් නැකැත් පාද රාශි අවස්ථා යනාදී විස්තර ලබා ගත හැක.

E. රාෂ්ඨක විශේෂ නැකැත්, නැකැත් තාර, වේද හා විපරීත වේද යනාදිය බලා ගත > හැක.
> මෙම කොටස මත දකුණු ක්ලික් කීරීම (Right Click) මගින් ලැබෙන මෙනුවෙන් > ග්‍රහයන් ගෝචරයන්,

1.  Erashtaka තේරීමෙන් ලග්නයෙන් සඳුගෙන් හා රවිගෙන් යෙදන ඒරාෂ්ඨක ද 

2.  Spacial Nakshathra Tara(Moon) තේරීමෙන්, සඳුගෙන් ග්‍රහයන් යන විශේෂ නැකත් ද

3.  Spacial Nakshathra Tara(Lagna) තේරීමෙන්, ලග්නයෙන් ග්‍රහයන් යන විශේෂ නැකත් ද

4.  Nakath Tara(Moon) තේරීමෙන්, සඳුගෙන් ග්‍රහයන් යන නැකත තාරය (ජන්ම, සම්පත්, ...) ද

5.  Vedha තේරීමෙන් ග්‍රහයන්ගේ වේද වීම් ද

6. Viparitha Vedha තේරීමෙන් විපරීත . වේදයන්ද බලා ගත හැක
 **සැලකිය යුතුයි: මෙමගින් ලැබෙන සියළු තොරතුරු ඔබ විසින් B කොටසේ තේරූවර්ග කේන්‍ද්‍ර යට අදාලව සහ තත්කාල වේලාවට අදාලව දක්වයි.

F. B කොටසේ තේරූ වර්ග කේන්‍ද්‍ර යට අදාල ග්‍රහයෝග පරිවර්ථන ආදිය බලා ගත හැක.

G. මෙම කොටස මගින් විම්ශෝත්තරී යෝගිනී දසා බලා ගත හැක. මහ දශාව මත දෙවරක් ක්ලික් කිරීම (Double Click) මගින් එම මහ දසාවේ අතුරු දසාවන් බලා ගත හැක. එලෙසටම විදසා, සූක්ෂම, ප්‍රාණ හා දේහ අන්තර් දශා දක්වා බලා ගත හැක. දකුණු ක්ලික් කීරීම (Right Click) මගින් ලැබෙන මෙනුවෙන් Vimshotari තේරීමෙන් විම්ශෝත්තරී දශාවද Yogini තේරීමෙන් යෝගිනී දශාවද බලා ගත හැක.

Entry Chart තේරීමෙන් ඔබ තෝරා තිබූ දසාව උදාවන මොහොතේ ග්‍රහ පිහිටීම් බලා ගත හැක. Set This Time as Thath Kala තේරීමෙන් ඔබ තෝරාතිබූ දසාව උදාවන මොහොතේ වේලාව තත්කාලය ලෙස වෙනස් වේ. ඒ අනුව E කොටසේ පෙන්වන තොරතුරු වෙනස් වේ.

H. B කොටසේ තේරූ වර්ග කේන්‍ද්‍ර යට අදාල ග්‍රහ දෘෂ්ඨි, රාශි දෘෂ්ඨි, ග්‍රහ යෝග හා අස්ත ආදිය බලා ගත හැක. මෙම කොටස මත දකුණු ක්ලික් කීරීම (Right Click) මගින් ලැබෙන මෙනුවෙන්,

  1. Graha Drushti (Aspect) තේරීමෙන්, ග්‍රහ දෘෂ්ඨි ද

  2. Rashi Drushti (Aspect) තේරීමෙන්, රාශි දෘෂ්ඨි ද

  3. Graha Yoga තේරීමෙන්, ග්‍රහ යෝග ද

  4. Astha (Cumbust) තේරීමන් අස්ත වීම්ද බලා ගත හැක.

I. දැනට ‍භාවිතා වන අයනාම්සය මෙහි දැක්වේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුලදී වැඩිපුරම භාවිතා වනුයේ ලහිරි (චිත්‍රපක්ෂ යන නමින්ද හැඳින්වේ) නම් අයනාම්සය යි. ක්‍රිෂ්ණමූර්ති, සායන ආදී වෙනත් අයනාම්සයක් භාවිතා කරන්නේ නම් ඒ සඳහා මෙම ස්ථානය මත දෙවරක් ක්ලික් කිරීම (Double Click) මගින් හෝ Option > Ayanamsa යන මෙනුව හරහාද පිවිස ලැබෙන සංවාද කොටුවෙන් කැමති අයනයක් තෝරා OK බොත්තම තදකරන්න.

පළමු භාවය සඳහා ලග්නය නොවන වෙනත් වස්තුවක් තෝරා ගැනීම

ඔබට පළමු භාවය ලෙස ලග්නය නොවන වෙනත් ග්‍රහයෙක් හෝ ආරූඩ පාදයක් බවට හරවා ගැනීමට අවශ්‍ය නම් ප්‍රධාන තිරයේ ඇති කේන්‍ද්‍ර සටහන මත දකුණු ක්ලික් කරන්න (Right Click). එයින් First Rashi හරහා ලැබෙන උප මෙනුවෙන් ගොස් කැමති ග්‍රහයෙක් හෝ ආරූඩ තෝරාගන්න. මෙම ක්‍රමය ක්‍රියාත්මක වනුයේ බ්‍රිඟු චක්‍රයේ දී හා ශ්‍රී ලංකාවේදී භාවිතා වන සූර්යය චක්‍රය සඳහා පමණි.

එක වර වර්ග කේන්‍ද්‍ර සටහන් කිහිපයක් බලා ගැනීම

ප්‍රධාන ති‍රයේ දැක්වෙන කේන්‍ද්‍ර සටහන මත දෙවරක් ක්ලික් කිරීම (Double Click) මගින් දැනට පවතින කේන්‍ද්‍ර සටහනම වැනි තවත් සටහනක් සහිත වින්ඩෝවක් විවෘත වේ. ඒසේ ඔබට කැමති ගාණක් (50කට අඩු) දක්වා කේන්‍ද්‍ර සටහන් සාදා ගත හැක. එය මත දකුණ ක්ලික් කිරීමක් (Right Click) කර ලැබෙන මෙනුවෙන් Divisional Chart හරහා ගොස් කැමති වර්ග කේන්‍ද්‍ර සටහනක් තෝරා ගන්න.

ඔබට ප්‍රධාන තිරයේ සටහන් වී ඇති චක්‍රය පමණක් වෙනස් කිරීමට අවශ්‍යවිට

ප්‍රධාන තිරයේ ඇති කේන්‍ද්‍ර සටහන මත දකුණු ක්ලික් කරන්න (Right Click). එයින් Chart ගොස් Guru Chart යන්න ගුරු චක්‍රය අවශ්‍ය විටද Sun Chart යන්න සුර්ය චක්‍රය අවශ්‍ය විටද Bringu(Diamond) යන්න බ්‍රීඟු චක්‍රය අවශ්‍ය විටද තෝරන්න.

ඔබට මුද්‍රණ පිටපත් ඇතුළු සියළු චක්‍ර වෙනස් කිරීමට අවශ්‍ය විට

පළමුව ප්‍රධාන මෙනුවේ Option හරහා Display & Color Settings යන්නට පිවිසෙන්න. එයන් ලැබෙන සංවා‍ද කොටුවේ චක්‍ර යටතේ ඔබට අවශ්‍ය චක්‍රය තෝරාගන්න. ඉන්පසු නිවැරදියි ! යන බොත්තම තදකරන්න.

සුර්ය, බ්‍රීඟු හා ගුරු චක්‍ර පිළිබඳ කෙටි සටහනක් පහත දැක්වේ.

සූර්යය, බ්‍රිඟු හා ගුරු චක්‍ර

බ්‍රිඟු චක්‍රය (Diamond Chart)
ඉහත දැක්වනුයේ බ්‍රිගූ චක්‍රයකි. එහි ඉහල මැද ‘ගු’ අක්ෂරය සහිත කොටස එහි පලවෙනි භාවය ලෙස හඳුන්වයි. එ‍හි පහලට වන්නට ‘10’ ලෙස සටහන්ව ඇත්තේ මේ භාවය මේෂ රාශියේ සිට කීවෙනි රාශියද යන වගයි. ඒ අනුව බොහෝ විට(විශේෂයෙන් සඳහන් නොකර ඇතිවිට) එය කේන්ද්‍ර සටහ‍නේ උදා ලග්නය දක්වයි. ඉහත උදාහරණ සටහනට අනුව එය ‘10’ වන රාශිය වන මකර රාශිය යි. එනම් ඉහත සටහන මකර ලග්නයට අඳින ලද සටහනකි. මෙහි රාශීන් වාමාවර්ථව සටහන් කරන අතර පළවන භාවයේ සිට ක්‍රමයෙන් දෙවන හා තුන් වන භාව වාමාවර්ථව දොළොස් වන භාවය දක්වා දැක ගත හැකිය. ඉහත උදාහරණයට අනුව නම් 11වන රාශිය වන කුම්බය දෙවන භාවය වන අතර 12වන රාශිය වන මීන රාශිය තුන්වන රාශිය වේ. මේ ආකරයටම 12 වන භාවය වනුයේ 9 වන රාශිය වන ධනුව වේ. මෙසේ සටහන සකස් කරගත් පසුව ඒ ඒ රාශින් වල සිටි ග්‍රහයන් හා ලක්ෂයන් ඒ ඒ භාවයන් තුල දක්වයි.

සූර්යය චක්‍රය (Sun Chart)

සූර්යය චක්‍රය ශ්‍රී ලංකාවේ වැඩිපුරම භාවිතා වන චක්‍රයයි. නමුත් එහි ග්‍රහයන් පිහිටවන ආකාරය ‍ඉන්දි‍යාවේ භාවිතා වන ක්‍රමයට වඩා වෙනස්ය.

ශ්‍රී ලංකාවේ භාවිතා කරන සූර්යය චක්‍රය (නමුත් නිවැරදි නොවේ)

ඉහත බ්‍රිඟු චක්‍ර උදාහරණයට ගත් කේන්‍ද්‍ර සටහනම මෙහි සූර්යය චක්‍රයෙන් දක්වා ඇත.
මෙය බොහෝදුරට බ්‍රිඟු චක්‍රයට සමාන වන අතර පළවන භාවයේ රාශිය මැද ලියා දක්වනු ලබයි. මෙහිද භාවයන් වාමාවර්ථව සටහන් කරනු ලබයි. ඒ අනුව ‘ගු’ අක්ෂරය ඇති භාවය 1වන භාවය වන බවත් එය මකර රාශියට අයත් බවත් ‘ච’ අක්ෂරය සහිත කොටුව දෙවන භාවය බවත් එය කුම්භ රාශියට අයත් බවත් වටහා ගැනීම අපහසු නොවේ. සමහර ජ්‍යෝතිෂ වේදීන් විසින් මෙහි යම් කිසි භාවයක කිසිදු ග්‍රහයෙකු නොමැති නම් එහි එම භාවයේ අංකය එහි සටහන් කරනු ලබයි. (ඉහත බ්‍රිඟු චක්‍රයෙදී සටහන් කරනු ලැබූයේ රාශි අංකයයි)

\ ඉන්දියාවේ භාවිතා කරන සූර්යය චක්‍රය (නිවැරදි ක්‍රමය)

මෙම සටහනේ විශේෂත්වය එහි ඉහල මැද (මෙම කේන්‍ද්‍ර සටහනේ රාහු සිටින ස්ථානය) කොටස සෑම විටම මේෂ රාශිය වීමයි. ඒ අනුව වාමාවර්ථව පිළිවලින් මේෂ වෘෂභ ආදී රාශීන් දක්වයි. මෙහි පළමු භාවය හෙවත් ලග්න භාවය දැක්වීම සඳහා එය විශේෂයෙන් ලකුණු කරනු ලබයි. ඒ සඳහා මෙම සටහනේ As (Ascendant යන අරුතින්) දක්වා ඇත. මේ සඳහා සිංහලෙන් ‘ල’ අක්ෂරය හෝ ‘ලග්නය’ ලෙස දැක්විය හැකිය. ඉහත සටහනට අනුව ‘As’ යන්න 10වන රාශිය වන මකර රාශියේ ඇති නිසා මෙම සටහන මකර ලග්නය වන සටහනක් බව පහසුවෙන් අවබෝධ කරගත හැකිය.

ගුරු චක්‍රය (South Indian Guru Chart)

ඉන්දියාවේ භාවිතා කරන සූර්යය චක්‍රය මෙන්ම මෙහිද රාශි පදනම මත ග්‍රහයන් පිහිටවයි. මෙහි විශේෂත්වය වනුයේ රාශීන් දක්ෂිණාවර්තව දැක්වීමයි. මෙහි අංක දැමීම සිදු කරනුයේ භාව පදනම මතය. සෑම විටම ඉහල වම් කෙලවරේ මීන රාශිය වන අතර පිළිවෙලින් වමේ සිට දකුණට මීන, මේෂ, වෘෂභ, මිතුන රාශීන් ද ඉහල දකුණු කෙලවරේ සිට පහලට මිතුන, කටක, සිංහ සහ කන්‍යා රාශී ද පහල දකුණු කෙවලවරේ සිට වම් කෙලවර දක්වා කන්‍යා, තුලා, වෘශ්චික, ධනු යන රාශීන් ද පහල වම් කෙලවරේ සිට ඉහලට මකර, කුම්භ, මීන යන රාශීන් වේ. ‍ඉහත උදාහරණ රූප සටහනේ ‘රා’(රාහු) අක්ෂරය දක්වා ඇත්තේ මේශ රාශියේ බවත් එය උදා ලග්නයේ සිට 4වන භාවය වන බවත් පැහැදිලි කර ගත යුතුය. ඉන්දියාවේ භාවිතාවන සූර්යය චක්‍රයේදී මෙන් මෙහි පලමු භාවය හෙවත් ලග්න භාවය දැක්වීම සඳහා එය විශේෂයෙන් ලකුණු කරනු ලබයි. ඒ සඳහා මෙම සටහනේ As (Ascendant හෙවත් ලග්නය අරුතින්) දක්වා ඇත.

**තත්කාල තිරය
**

A. තත්කාල හා ගෝචර කේන්ද්‍ර සටහන් සාදාගැනීමට අවශ්‍ය දිනය සහ වේලාව ඇතුළු කරන්න.

B. ගණනය කරන්න යනුවෙන් ඇති බොත්තම ඔබන්න. එවිට අදාල දිනයට තත්කාල කේන්ද්‍රය සෑදේ.

C. මෙම බොත්තම මඟින් ඔබගේ පරිඝණකයේ දැක්වෙන අද දිනය සහ වේලාව තත්කාල හා ගෝචර කේන්ද්‍ර සටහන් සාදාගැනීමට දත්ත ඇතුළු කරන දිනය සහ වේලාව යන ස්ථානයේ දැක්වේ.

D. ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවකදී දිනය හි වෙලාව ඇතුළු නොකොට මෙම බොත්තම එබීමෙන් එම අවස්ථාවෙහිම කේන්ද්‍ර සටහන සාදා ගැනීමේ පහසුකම පවතී.

E. වර්ෂ ඵල කේන්ද්‍රය සාදා ගැනීමට අවශ්‍ය වසර පමණක් ඉහල දැක්වෙන වසර යන කොටුවෙහි ඇතුල් කර වර්ෂ ඵල කේන්ද්‍ර සටහන යන බොත්තම ඔබන්න. එවිට දිනය සහ වේලාව වර්ෂ ඵල කේන්ද්‍රයට අදාල වන ලෙස ඉබේම සකස් වේ.

F. ලබාදුන් වේලාවට අදාල පංචාංග විස්තරය හා එම දිනයට අදාල ඉර උදාව සහ ඉර බැසීම

G. ලබාදුන් වේලාවට අදාල තත්කාල කේන්ද්‍රය හා ගෝචර කේන්ද්‍රය‍

H. ලබාදුන් වේලාවට අදාල ග්‍රහස්ඵුට හා එයට අදාල අනෙකුත් විස්තර

භාව සටහන

මෙම කොටස මඟින් ඔබට ශ්‍රීපති හා ප්ලැසිඩස් ක්‍රම වලට භාව කේන්ද්‍රය සාදාගත හැක.

ශ්‍රීපති ක්‍රමය

A. මෙහි දැක්වෙන්නේ ශ්‍රීපති භාව කේන්ද්‍රයේ මධ්‍ය ස්ඵුටයයි. එය සාමාන්‍ය කේන්ද්‍රයේ ලග්න ස්ඵූටයට සමපාතය.

B. පළමුවන භාවයේ ආරම්භක ස්ඵුටය.

C. පළමුවන භාවයේ අවසන් ස්ඵුටය. එමෙන්ම දෙවෙනි භාවයේ ආරම්භක ස්ඵුටය වන්නේද මෙයයි.

D. දෙවෙනි භාවයේ මධ්‍ය ස්ඵුටය.

ප්ලැසිඩස් ක්‍රමය

මෙහිදී එක් භාව ස්ඵුටයක සිට ඊළඟ භාව ස්ඵුටය දක්වා එක් භාවයක් ලෙස භාවිතා කෙරේ. ප්ලැසිඩස් ක්‍රමයේදී මධ්‍ය ස්ඵුටයක් නොමැති බැවින් ඔබට කඩ ඉර නොසලකා හැරිය හැක. රූප සටහනේ තනි ඉරෙන් දක්වා ඇත්තේ භාව ස්ඵුටයන් බව සලකන්න.

A. පළමුවන භාවයේ ආරම්භක ස්ඵුටය හා දොළොස්වන භාවයේ අවසාන ස්ඵුටය.

B. පළමුවන භාවයේ අවසාන ස්ඵුටය හා දෙවන භාවයේ ආරම්භක ස්ඵුටය

C. දෙවැනි භාවයේ අවසාන ස්ඵුටය හා තුන්වන භාවයේ ආරම්භක ස්ඵුටය

තෝරාගත් ග්‍රහයාගේ විස්තර දැක්වෙන ස්ථානය

=

මෙම කොටස මඟින් ඔබ භාව සටහනේ යම්කිසි ග්‍රහයෙකු තෝරාගත් විට එම ග්‍රහයාට අදාල රාශිය, ස්ඵුටය, නැකත, බල හා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියෙහි අඩංගු නැකැත් අධිපති, උප අධිපති හා උප උපාධිපති ආදිය දක්වයි.

ශ්‍රීපති හා ප්ලැසිඩස් ක්‍රමයන් භාවිතා කරන බහුතරයක් දෙනා භාවිතා කරන්නේ ඉහත ආකාරයට වුවත් සමහර ජ්‍යෝතිෂවේදීන් මීට වෙනස් ආකාරයෙන්ද භාව ආරම්භක, මධ්‍ය හා විරාම භාවිතා කරන බවද සලකන්න. ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් එම වෙනස්කම් Settings මඟින් වෙනස් කරගත හැක. ( එම වෙනස්කම් සිදුකරන ආකාරය පිළිබඳ ඉදිරි පිටුවල දැක්වේ. )

**භාව ස්ඵුට
**

භාවයන්ට අනුව ග‍්‍රහයන් වෙන්කර දැක්වීම මෙම කොටස මඟින් සිදුවේ. ඔබ විසින් භාව සටහන යන කොටසේ තෝරන ලද යම්කිසි ග්‍රහයෙකුගේ භාව ආරම්භය, භාව මධ්‍යය හා භාව අවසානය යනාදී විස්තර මෙහි දැක්වේ.

අෂ්ටක වර්ග

මෙම කොටසේ දී ග්‍රහයන්ගේ විවිධ රාශීන් සඳහා ඇති බලය දැක්වේ. බිංදු සටහන, අෂ්ටක වර්ගය, බින්න අෂ්ටක වර්ගය යන විවිධ නම් වලින්ද මෙම සටහන හැඳින්වේ. උදාහරණයක් ලෙස ගත්විට රවි ග්‍රහයා මෙම සටහනේදී මේෂ රාශියට (1) දක්වා ඇති අෂ්ටක බලය 02 යි. වෘෂභ රාශියට (2) දක්වා ඇති අෂ්ටක බලය 03 යි. මිථුන රාශියට (3) දක්වා ඇති අෂ්ටක බලය 05 යි.

ඉහත ගුරු චක්‍රය තුලද දක්වා ඇත්තේද එම සටහනමය. (ගුරු චක්‍රය පිළිබඳව “ සූර්යය, බ්‍රිඟු හා ගුරු චක්‍රය” යන මාතෘකාව යටතේ වැඩි විස්තර දක්වා ඇත ) ගුරු චක්‍රයේ ඉහල වම් කෙළවරින් දැක්වෙන්නේ මීන රාශියයි. රවි සඳහා ඇති සටහනේ දක්ෂිණාවර්තව ගමන් කිරීමේදී මේෂ රාශියට අෂ්ටක බලය 2යි. වෘෂභ රාශියට අෂ්ටක බලය 3යි. මිථුන රාශියට අෂ්ටක බලය 5යි. ඒ ආකාරයට සියළුම ග්‍රහයින් සඳහා බලය බෙදී ඇති ආකාරය බින්න අෂ්ටක වර්ගය දැක්වෙන මෙම සටහනෙන් ඔබට බලාගත හැක. එසේම සර්‍ව අෂ්ටක වර්ගය යන කොටසින් සියළුම රාශින්ට ඇති බලයන්ගේ එකතුව බලාගත හැක.

චක්‍ර

1) සර්‍වතෝභද්‍ර චක්‍රය

මෙම චක්‍රයේ අන්තර්ගතය :-

  • අ යන්න පටන් අඃ යන්න දක්වා ස්වර පද්ධතිය

  • අවකහඩ, මටපරත, නයභජඛ, ගසදචල යන ගුප්ත අක්ෂර පන්ති චතුෂ්කය

  • අස්විදයේ සිට බෙරණය දක්වා වූ නැකැත් විසිඅට

  • තිථි පහළොව

මෙය ස්වරශාස්ත්‍ර හා නක්ෂත්‍රයත් සංකලනයෙන් බිහිවූ ශ්‍රාස්ත්‍රයකි. ශාස්ත්‍ර ශිඛාමණී, ත්‍රෛලොක්‍ය චිනතාමණී යන නම් වලින්ද හැදින්වේ.

මෙම කොටසේදී සර්‍වතෝභද්‍ර චක්‍රයට අනුව යම්කිසි නැකතක් උඩ ක්ලික් කල විට එම නැකතට වේද වන අනෙකුත් නැකැත් පරීක්ෂා කල හැක.

2) සුදර්ශන චක්‍රය

මෙම චක්‍රය මඟින් කේන්ද්‍ර සටහන් දෙකක් හෝ කිහිපයක් එකවර බලාගැනීමට හැකියාව පවතී. අප විසින් මෙම කොටසේදී ලග්න, චන්ද්‍ර හා සූර්යය කේන්ද්‍ර එකවර දක්වා ඇත.

ප්‍රස්ථාර

මෙහිදී අපට එක් ග්‍රහයෙකු පමණක් තෝරාගෙන කැමති කාල පරතරයක් තෝරා එම ග්‍රහයාගේ ගමන් මාර්ගය මෙම ප්‍රස්ථාරයෙන් බලාගත හැක. අළුතින් හඳුන්වාදුන් Magic Wheel එක මඟින් විස්තරාත්මකව ග්‍රහ ගමන් බලාගත හැකි නිසා මෙම කොටස භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නොමැත. නමුත් පැරණි වෙළුම භාවිතා කල අයගේ පහසුව උදෙසා මෙම කොටස තරුකිරණ මෘදුකාංගයෙන් ඉවත්කොට නොමැත.

Magic Wheel

Special – Magic Wheel මඟින් මෙම කොටසට පිවිසීමට හැක. මෙම Magic Wheel නැමැති කොටස තරුකිරණ මෘදුකාංගය මඟින් ලෝකයට හඳුන්වා දෙන නව සොයාගැනීමකි. මෙම කොටස භාවිතයෙන් පහත සඳහන් දෑ දැනගත හැක.

  • ග්‍රහයන්ගේ ගෝචර ගමන් මාර්ගය

  • ග්‍රහයන් දෙදෙනෙකු මුණ ගැසෙන වේලාව

  • ග්‍රහයෙකු රාශිය මාරුකරන වේලාව

  • ග්‍රහයෙකු වක්‍ර වෙන වේලාව

  • ග්‍රහයෙකු ලග්න ස්ඵුටයට හෝ ඕනෑම ස්ඵුටයකට ත්‍රිකෝණ, ෂඩ්කෝණ, චතුරස්‍ර

    වෙන වේලාව

  • ගෝචරයට අනුව සිදුවෙන වෙනස්කම්

ප්‍රස්ථාරය ඇඳගන්නා ආකාරය

A. කාල පරතරයෙහි ආරම්භය ඇතුල් කරන්න

B. වේලාව ඇතුල් කරන්න

C. කාල පරතරයෙහි අවසානය ඇතුල් කරන්න

D. වේලාව ඇතුල් කරන්න

F. ප්‍රස්ථාර සටහනෙහි ඇඳගැනීමට අවශ්‍ය ග්‍රහයින් තෝරන්න

E. Calculate බොත්තම ඔබන්න

කියවන ආකාරය

මැද රවුමෙන් දැක්වෙන්නේ ඔබ ලබාදුන් ආරම්භක කාලයයි (අඩු කාලයයි). පිට රවුමෙන් දැක්වෙන්නේ ඔබ ලබාදුන් අවසාන කාලයයි (වැඩි කාලයයි). චක්‍රයේ මැද සිට පිටතට කාලය ගමන් කරනා බව සැලකිල්ලට ගන්න.

ග්‍රහයෙකුගේ ගමන් මාර්ගය උඩට ඔබගේ මවුස් පොයින්ට් එක ගෙනගිය විට හෝ එම ස්ථානය ආසන්න වශයෙන් සටහන් කිරීම මඟින් ග්‍රහයා එම ස්ථානයේ සිටින දිනය, වේලාව, ස්ඵුටය, රාශිය J ස්ථානයෙන් දැකගත හැකිය.

J හි කාලය යටින් දක්වා ඇති ඊතල සටහන් මඟින් තත්පර, විනාඩි, පැය, දිනය ආදී වශයෙන් වෙනස් කරමින් ග්‍රහයෙකු රාශිය මාරු කරන වේලාව H ස්ථානයෙන් බලාගත හැක

ත්‍රිකෝණ

ත්‍රිකෝණ යන ස්ථානය තේරූ විට තෝරා ඇති භාවයට ත්‍රිකෝණ වෙන භාවය මෙයින් බලාගත හැක.

තෝරා ඇති රාශිය හා ස්ඵුටය කුමක්ද යන්න J ස්ථානයෙන් දැක්වේ. එසේම මෙයින් රාශියක ත්‍රිකෝණ වන ස්ඵුටයන් බලාගත හැක.

යම් ස්ථානයක් තේරූ විට ඒ ස්ථානයට ත්‍රිකෝණ වන අංශක අනෙකුත් අක්ෂයන් වලින් බලාගත හැක.

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය

මෙම කොටස මඟින් ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට අදාල විස්තර ලබාගත හැක.

A) ප්‍රධාන

මෙහි දැක්වෙන සියළුම Charts B, C, D යන කොටස් යටතේ වෙන වෙනම විස්තර කොට ඇත.

B) ක්‍රිෂ්ණමූර්ති භාව කේන්ද්‍ර සටහන

C) වගුව

ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට භාවයන් ගේ නැකැත් අධිපති, උප අධිපති, උප උපාධිපති ආදී විස්තරය හා ග්‍රහයින් සිටින රාශි, නැකැත්, නැකැත් පාද, නැකැත් අධිපති, උප අධිපති, උප උපාධිපති ආදී විස්තරය

D) භාව නිවේදක චක්‍රය

E) ගෝචරය

ග්‍රහ ගෝචරය මෙයින් බලාගත හැක. Magic Wheel එකේදී භාවිතා කල ආකාරයට දිනයෙන් දිනය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය වෙනස්කර ගත හැක.

F) ප්‍රශ්ණ

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේදී භාවිතා කරන ප්‍රශ්ණ කේන්ද්‍ර මෙයින් දැක්වේ. 1 සිට 249 දක්වා ඉලක්කමක් ලබාදීම මඟින් ඔබට ප්‍රශ්ණ කේන්‍ද්‍ර සටහනක් සකස් කරගත හැක. ( මේ සඳහා ඔබගේ පරිඝණකයේ වේලාව නිවරැදි විය යුතුයි )

මෙම සටහන අනුව භාව ස්ඵුට, ග්‍රහස්ඵුට, භාව නිවේදක චක්‍රය, දසාව ආදී කාරණා වෙන වෙනම බලාගත හැක.

**G) දසාව ක්‍රිෂ්ණමූර්ති අයනාම්සයට අනුව ගණනය කරන ලද දසාව පෙන්වයි.

පලාපල

මෙම කොටසින් දැක්වෙන්නේ ගෝචර විස්තරයකි. ජන්ම ලග්නයෙන්, උදා ලග්නයෙන් හා රවිගෙන් මෙම විස්තරය බලාගත හැක.

මෙය ගෝචර විස්තරයක් පමණක් බැවින් අනාවැකියක් ලෙස මුද්‍රණය කරදීමෙන් වලකින්න. ——————————————————————————-

ලෙඩරෝග යටතේ ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට අනුව වැළදිය හැකි ලෙඩරෝග පිළිබඳ විස්තරයක් ඇත. එසේම එම ලෙඩරෝග සඳහා මුල්වූ ග්‍රහයා කවරෙක්ද යන්නත් සටහන් වේ. මෙහිදීත් අනාවැකියක් ලෙස මෙම සියළු ලෙඩරෝග සෑදේයැයි කිව නොහැක. නමුත් ඔබට පලාපල කථනයේදී ග්‍රහයින්ගේ ගෝචර ගමන, දසාව, කාරකත්වය ආදී දෑ සලකා බලා මේ මේ රෝග මේ මේ කාලයේදී සෑදේයැයි තීරණය කිරීම පහසුවක් වේවි.

පොරොන්දම් මෘදුකාංගය

ඔබ පළමුව මෘදුකාංගය ධාවනය කළ විට මෙම තිරය දිස්වේ. ඔබට අවශ්‍ය කේන්‍ද්‍ර සටහන ඇතුලත් කිරීමට File > New පි‍විසෙන්න. එවිට පහත උපන් වේලාව හා දත්ත ඇතුල් කිරීම යටතේ දක්වා ඇති තිරය ලැබේ.

උපන් වේලාව හා දත්ත ඇතුලත් කිරීම

කුමරාගේ සහ කුමරියගේ දත්ත වෙන වෙනම ඇතුල් කර Apply කරන්න.

එවිට පහත තිරය ලැබේ. මෙමඟින් කුමරාගේ සහ කුමරියගේ විසි පොරොන්දම් ගැලපීම, කුමරි ග්‍රහ දත්ත, කුමාර ග්‍රහ දත්ත, විශ්ලේෂණය සහ දරුඵල විශ්ලේෂණයට අදාල දත්ත ගත හැක. වම්පසින් දැක්වෙන්නේ පංචාංගයට අදාල තොරතුරු වේ.

  1. ලග්නය

  2. ජන්ම ලග්නය

  3. සූර්යය ලග්නය

  4. නවාංශකය

  5. සප්තාංශය

Print – Main Chart මඟින් ඔබට පහත සඳහන් සියළු විස්තර අඩංගු සම්පූර්ණ පොරොන්දම් පරීක්ෂාවක් ලබාගත හැක.

  • කුමරාගේ සහ කුමරියගේ කේන්‍ද්‍ර සටහන් සහ එයට අදාල විස්තර

  • අෂ්ඨ කූඨය ගැලපීම් තත්වය හා ගැලපීම් ප්‍රමාණය

  • විසි පොරොන්දම් ගැලපීම් තත්වය හා ගැලපීම් ප්‍රමාණය

  • දස පොරොන්දම් ගැලපීම

  • ස්ත්‍රී කේන්ද්‍රයේ හා පුරුෂ කේන්ද්‍රයේ ලග්නයෙන්, සඳුගෙන්, සිකුරුගෙන්

    කුජ දෝශය යෙදෙන ආකාරය

  • කුජ දෝශ ගැලපීම

  • විශ කන්‍යා යෝගය

Print – Sudarshan Chakra මඟින් ඔබට කුමරාගේ සහ කුමරියගේ දත්ත අඩංගු සුදර්ශන චක්‍රය ලබාගත හැක.

පිහිටීම දිවා සුරකුම් කාලය සෙවීම් මෘදුකාංගය ————————————————

මෙම කොටස මඟින් ඔබට විදේශ රටවල ( ශ්‍රී ලංකාවද ඇතුළුව ) කේන්ද්‍ර සාදාගැනීම පහසුවෙන් කරගත හැක. විදේශ රටවල කේන්ද්‍ර සෑදීමේදී ඔබට අන්තර්ජාල සම්භන්ධතාවය සහිතව හා රහිතව කේන්ද්‍ර සාදාගැනීමේ හැකියාව පවතී. මෙම ක්‍රම දෙකම භාවිතා කරන ආකාර වෙන වෙනම පහත දැක්වේ.

අන්තර්ජාල සම්භන්ධතාවය නොමැති විටදී විදේශ කේන්ද්‍රයක් සාදා ගැනීම

A. උපන් වර්ශය, මාසය හා දිනය ඇතුල් කරන්න

B. උපන් වේලාව ඇතුල් කරන්න

C. ජන්මියාගේ උපන් රට තෝරන්න

D. උපන් නගරය ඇතුල් කරන්න

E. Search Local Atlas බොත්තම ඔබන්න.

F. ඔබ විසින් රට ඇතුල් නොකොට නගරය පමණක් ඇතුල් කලවිට එම නගරය නමින් ඇති සියළු නගරයන් රටද සහිතව මෙම ස්ථානයෙහි දිස්වේ. එයින් ජන්මියා උපන් රට සහ නගරය තෝරාගත හැක.

G. ජන්මියා උපන් ස්ථානයට අනුව දේශාංශ

H. ජන්මියා උපන් ස්ථානයට අනුව අක්ෂාංශ

I. ‍ජන්මියා උපන් ස්ථානයට අදාල වේලා කලාප නාමය

J. ජන්මියා උපන් ස්ථානයට අනුව වේලා කලාපය

K. ජන්මියා උපන් ස්ථානයට අනුව දිවා සුරැකුම් කාලය

L. මෙම ‍බොත්තම මගින් වේලා කලාපය නිවැරදිව සැකසේ.

M. OK බොත්තම එබූ විට ඔබ ලබාදුන් දත්ත ඇසුරින් සෑදෙන කේන්ද්‍රය තරුකිරණ මෘදුකාංගයේ විවෘත වනු ඇත.

අන්තර්ජාල සම්භන්ධතාවය ඇති විටදී විදේශ කේන්ද්‍රයක් සාදා ගැනීම

A. උපන් වර්ශය, මාසය හා දිනය ඇතුල් කරන්න

B. උපන් වේලාව ඇතුල් කරන්න

C. ජන්මියාගේ උපන් රට තෝරන්න

D. උපන් නගරය ඇතුල් කරන්න

E. Search Online (Internet) බොත්තම ඔබන්න.

F. ඔබ විසින් ඇතුලත් කරන ලද දත්ත වලට අදාල නගරය සහ රට අන්තර්ජාලය ඇසුරින් සොයාදෙනු ලැබේ. එයින් ජන්මියා උපන් රට සහ නගරය තෝරාගත හැක.

G. ජන්මියා උපන් ස්ථානයට අනුව දේශාංශ

H. ජන්මියා උපන් ස්ථානයට අනුව අක්ෂාංශ

I. ‍ජන්මියා උපන් ස්ථානයට අදාල වේලා කලාප නාමය

J. ජන්මියා උපන් ස්ථානයට අනුව වේලා කලාපය

K. ජන්මියා උපන් ස්ථානයට අනුව දිවා සුරැකුම් කාලය

L. Online බොත්තම එබූ විට වේලා කලාපය අන්තර්ජාලය ඇසුරින් නිවැරදිව සැකසේ.

M. OK බොත්තම එබූ විට ඔබ ලබාදුන් දත්ත ඇසුරින් කේන්ද්‍රය තරුකිරණ මෘදුකාංගයේ විවෘත වනු ඇත.

N. පිහිටීම හා දිවා සුරකුම් කාලය සෙවීම් මෘදුකාංගයේ දකුණුපස දැක්වෙන මෙම කොටස තරුකිරණ මෘදුකාංගය විසින් ලොවට හඳුන්වා දෙන ලද්දකි. අන්තර්ජාලය ඇසුරින් Google Map හා සම්භන්ධ වී යම්කිසි ස්ථානයක් නිවැරදිව සෙවීමට මෙම කො‍ටසට හැකියාව ඇත.

ප්‍රංශයේ පැරිස් නගරයේ උපදින ලද ජන්මියෙකුගේ කේන්ද්‍රයක් උදාහරණයකට ගන්න. මෙම කේන්ද්‍රය සාදන විට ඔබ විසින් පිහිටීම හා දිවා සුරකුම් කාලය සෙවීම් මෘදුකාංගය විවෘත කර දත්ත ඇතුල් කර මෙම කොටසේ Load බොත්තම එබූ විට පැරිස් නගරයේ සිතියම පෙන්වයි. එම ජන්මියා පැරිස් නගරයේ කිසියම් කුඩා ග්‍රාමයක උපත ලැබුවෙක් නම් මෙම සිතියම විශාලනය කොට ඔබට ඔහු උපන් කුඩා ග්‍රාමය සොයා එම ස්ථානයට වුවද ( තෝරා ගැනීමට අවශ්‍ය ස්ථානය මත මවුසය තද කොට සිටීමෙන් එම ස්ථානය සිතියමෙහි ජන්මියා උපන් ස්ථානය ලෙස සළකුණු වේ) කේන්ද්‍රය සාදාගත හැක. තවද ඔබ විසින් පැරිස් නගරයේ ඒ කුඩා ග්‍රාමයේ පිහිටීම පිළිබඳව දැනුවත් නම් ඔබට එම ජන්මියා උපත ලද ස්ථානය ( නිවසක්, රෝහලක් වැනි ස්ථානයක් ) සිතියම විශාලනය කොට තෝරාගත හැක. (නිවසක පිහිටීම වුවද පැහැදිලිව දැක්වීමට Google Map හට හැකියාව ඇත)

O. මෙම කොටස මඟින් ඔබට N යටතේ සදහන් වන සිතියම තිරයට ගත හැක.

P. සිතියමෙහි යම් කිසි ස්ථානයක් සළකුණු කල විට මෙම බොත්තම මගින් එම ස්ථානයේ අක්ෂාංශ දේශාංශ පිහිටීම දත්ත සටහනට ලබාගත හැක.

Q. සිතියමෙහි යම් කිසි ස්ථානයක් සළකුණු කල විට මෙම බොත්තම මගින් එම ස්ථානයේ අක්ෂාංශ දේශාංශ පිහිටීම හා වේලා කලාපය දත්ත සටහනට ලබාගත හැක. (අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් කේන්ද්‍රයක් සාදන අවස්ථාවන් හි දත්ත ඇතුළු කිරීමෙන් පසුව ඔබ සිතියම උපයෝගී කොට ස්ථානයක් තෝරාගනු ලැබුවේ නම් අනිවාර්යෙන් මෙම පියවර අනුගමනය කරන්න)

මුහුර්ත

මෙම මෘදුකාංගය භාවිතයෙන් ඔබට පංචාංග ශුද්ධිය ගණනය කරගත හැක.

A. File – Set Location වෙතින් පිවිස විවෘත වන තිරයෙන් ඔබට පංචාංග ශුද්ධිය ගණනය කිරීමට අවශ්‍ය පළාත ස්ථානය හෝ රට ස්ථානය ඇතුල් කර Apply ගත හැක.

B. මෙහි දිනය පෙන්වන ස්ථානයේ පංචාංග ශුද්ධිය ගණනය ආරම්භක දිනය හා අවසාන දිනය ඇතුල් කරන්න.

C. මෙමඟින් ඔබට සුභ හෝ අසුභ සෑම නැකතක්ම හා තිථියක්ම දැක්වෙන පරිදි සකසා ගත හැක.

D. මෙමඟින් F අකුරින් දැක්වෙන සිද්ධි අමෘත ආදී අවස්ථා වලින් ඔබට අවශ්‍ය අවස්ථා පමණක් තෝරාගත හැක

E. විෂ කරණ, විෂ යෝග ආදිය දැක්විය යුතුද නැද්ද යන්න මෙමඟින් තෝරාගත හැක.

F. සිද්ධි අමෘත ආදී අවස්ථා මෙහි දැක්වේ.

G. “ගණනය කරන්න” නැමැති මෙම බොත්තම මඟින් ඔබ ලබාදුන් දත්තයන්ට අනුව පංචාංග ශුද්ධිය ගණනය කරගත හැක.

වාස්තු මෘදුකාංගය

A. ගොඩනැගිල්ල පිළිබඳ විස්තර යටතේ ඔබ භාවිතා කරන වඩුරියන මනින ක්‍රමය තෝරන්න

B. ගොඩනැගිල්ලේ දිග පළල හෝ වර්ගඵලය ලබාදෙන්න

C. ගෙහිමියාගේ නැකත ලබාදෙන්න

D. ගොඩනැගිල්ල අයත් වර්ගය සහ එයට අදාල අනෙකුත් විස්තර

දකුණු පස කොටුවේ ඒකාදශ වර්ගයට අයත් මෙම ගොඩනැගිල්ලට අදාල වර්ගය, අගය හා ප්‍රථිපලය දැක්වේ.

ප්‍රධාන මෙනුව

මෙම කොටස මගින් ඔබට තරු කිරණ මෘදුකාංගය භාවිතයට අමතරව මෘදුකාංගයේ සැකසුම් (Settings), මුද්‍රණය (Print), ආදී කොටස් පිළිබඳව දැනුවත් විය හැක.

File

01 ) New

File – new වෙත පිවිසීමෙන් ඔබට අළුත් කේන්දරයක් සාදාගැනීමට දත්ත ඇතුලත් කල යුතු තිරය විවෘත කරගත හැක.

02) Save as

ඔබ විසින් සාදාගන්නා ලද කේන්ද්‍ර සටහන පරිඝණකයේ සුරැකීම

03) Export to PDF

ඔබ විසින් සාදාගන්නා ලද මුද්‍රණ සටහනේ A4 පිටු සියල්ල PDF ගොනුවක් ආකාරයට සුරැකීම

04) Export to PDF as a Book

ඔබ විසින් පොතක් ආකාරයට සාදාගන්නා ලද මුද්‍රණ සටහන PDF ගොනුවක් ආකාරයට සුරැකීම

05) Open

සුරකින ලද කේන්ද්‍ර සටහන විවෘත කිරීම

06) Info

අවශ්‍ය දත්ත සටහන් කිරීම

07)Close

මෘදුකාංගය වසා දැමීම

Edit

01) Birth data

ඔබ විසින් File – new මඟින් දත්ත ඇතුල් කොට කේන්ද්‍ර සටහන සෑදු පසු ඇතුලත් කරන ලද දත්ත වල යම් වෙනසක් කිරීමට අවශ්‍ය වේ නම් මෙමගින් එම වෙනස්කම සිදුකර හැක.

02) Copy

ප්‍රධාන තිරයෙහි දැක්වෙන වර්ග කේන්ද්‍රය (සූර්ය චක්‍රය හා ගුරු චක්‍රය ආකාරයෙන්) හා ඔබ තෝරා ඇති එයට අදාල විස්තරය කොපි කරගත හැක.

03) Copy to PDF

ඔබ විසින් තෝරා ඇති වර්ග කේන්ද්‍රය PDF එකක් ආකාරයෙන් සුරැකීම

04) Print Memo

මුද්‍රණ පිටපතේ සටහන් වන විස්තරය මෙම කොටසින් දැක්වේ. ඔබට අවශ්‍ය නම් මෙය වෙනස් කරගත හැක.

View

01) Aspects

මෙම කොටස මගින් ග්‍රහයන්ගේ දෘශ්ටි හා සංයෝග බලාගත හැක. එසේම එම ග්‍රහයන් අතර දෘශ්ටි යොමුවීමේ දෘශ්ටියක්ද වෙන්වීමේ දෘශ්ටියක්ද යන වග පිළි‍වෙලින් රතු සහ කොළ වර්ණයන්ගෙන් දැක්වේ.

A) ග්‍රහයන්ට අදාල සංකේත

B. ග්‍රහයන්

C. අවශ්‍ය වර්ග කේන්දරය තෝරාගැනීම

සංකේතයට ඉදිරියෙන් ඉලක්කම් මගින් දක්වා ඇත්තේ සංකේත මගින් දක්වා ඇති දෘශ්ටියට හෝ සංයෝගයට අයත්වන අංශක ප්‍රමාණයට වඩා + හෝ - වන අංශක හා කලා ප්‍රමාණයයි.

02) Plenetery Infomations

සූර්යයා, චන්ද්‍රයා හා ග්‍රහයන් පිළිබඳව තාරකා විද්‍යාත්මක දත්ත

03) Default

ප්‍රධාන තිරයෙහි දැක්වෙන වගුව සහ අනෙකුත් විස්තර පෙන්වයි

04) Table

ප්‍රධාන තිරයෙහි දැක්වෙන වගුව පමණක් පෙන්වයි

Special - විෙශ්ෂ

01) Magic Wheel

Magic Wheel පිළිබඳව අප විසින් තරු කිරණ මෘදුකාංගය භාවිතයේ ප්‍රස්ථාර කොටස යටතේ විස්තර කොට ඇත.

02) Hard Codes

Malwara (මල්වර

සඳුගේ හා කුජගේ පිහිටීම අනුව මෙම මල්වර දිනය තීරණය වේ. පළමුව අංශක ප්‍රමාණය ලබාදෙන්න. මෘදුකාංගය එම අංශක ප්‍රමාණය මත මල්වර දිනය තෝරා ගනී. මෙහිදී ලග්න කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව සහ ඔබගේ පුද්ගලික අත්දැකීම් අනුව මල්වර දිනය සෙවීමට වඩාත්ම සුදුසු අංශක ගණන තීරණය කිරීම ඔබ සතුය. එසේ නොමැති නම් මෘදුකාංගය මගින් පෙර සකස් කොට ලබාදී ඇති අංශක ප්‍රමාණය භාවිතා කරන්න.

Option

01) Ayanamsa

A) B)

  • “වේදීය ‍ජ්‍යෝතිෂ සඳහා අයන” තෝරාගෙන B කොටසින් ඒ සඳහා භාවිතා කල යුත්තේ

    කුමන අයන වර්ගයද යන්න තෝරාගත් විට ක්‍රිෂ්ණමූර්ති කොටසට ඇර අනෙකුත් සෑම කොටසකටම එම අයන වර්ගය භාවිතා කෙරේ.

  • “ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය සඳහා අයන” තෝරාගෙන B කොටසින් ඒ සඳහා භාවිතා කල

    යුත්තේ කුමන අයන වර්ගයද යන්න තෝරාගත් විට ක්‍රිෂ්ණමූර්ති කොටසට එම අයන වර්ගය භාවිතා කෙරේ.

C)

B කොටසින් රිසි අයන තෝරාගත් පසු මෙම කොටස මඟින් ලහිරි ට වඩා වැඩි අංශක ප්‍රමාණයක්ද, අඩු අංශක ප්‍රමාණයක්ද භාවිතා කල යුත්තේ යන්න තෝරාගත හැක. ලහිරි ට වඩා වැඩි අංශක ප්‍රමාණයක් භාවිතා කරයි නම් D, E අක්ෂර මගින් පෙන්වා දී ඇති අංශක, කලා, තත්පර මඟින් අවශ්‍ය කාලය ඇතුල් කල හැකිය.

02) Genaral Settings

මෙම කොටස මඟින් මුද්‍රණ පිටපතේ දැක්විය යුතු ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය, වෙනත් තොරතුරක් ඇත්නම් එය සහ ඔබට සටහන් කිරීමට අවශ්‍ය ආශිර්වාදාත්මක වැකියක් සටහන් කල හැකි අතර Apply කල පසු එය ඔබගේ මුද්‍රණ පිටපතේ සෑම විටම මුද්‍රණය වේ.

03) Calculations Settings

ජ්‍යෝතිෂවේදීන් අතර ඇති විවිධ මත හේතුකොට ගෙන ඒ ඒ ජ්‍යෝතිෂ වේදීන්ට ගැලපෙන විවිධ ආකාරයෙන් ගණනය කිරීම් කර ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

ග්‍රහ භාව

ආරූඩ පද වෙනත්

04) Printing Settings

පොදු

A. මුද්‍රණයේදී භාව කේන්ද්‍රය, සුදර්ශන චක්‍රය ආදී ස්ථාන වල යොදාගෙන ඇති වර්ණ වෙනුවට කළු සුදු වර්ණ වලින් මුද්‍රණය වේ. (සූර්ය චක්‍ර, බ්‍රිඟු චක්‍ර, ගුරු චක්‍රයන් හි ග්‍රහයින් දක්වා ඇති වර්ණ මෙමඟින් වෙනස් නොවේ)

B. ජන්මියාගේ කේන්ද්‍ර සටහන තනි පිටුවකට මුද්‍රණය කිරීමේදී අෂ්ටක වර්ග එහි අඩංගු විය යුතුද නැද්ද යන වග මෙයින් තෝරාගත හැක.

C. මෙමඟින් තනි පිටුවකට ගන්නා කේන්ද්‍ර සටහන මුද්‍රණයේදී පිටුව වටා රේඛාවක් (බෝඩරයක් ආකාරයෙන්) මුද්‍රණය කරගත හැක.

ක්‍රිෂ්ණමූර්ති

A. ක්‍රිෂ්ණමූර්ති මුද්‍රණයේදී එහි මාතෘකාව ලෙස දැක්විය යුත්තේ කුමක්ද යන්න මෙහි සටහන් කලහැක.

B. ඔබගේ නම සහ ලිපිනය මුද්‍රණය විය යුතුද නැද්ද යන්න තෝරාගත හැක.

පිටු 08ක් සහිත ජන්ම පත්‍රය

මෙහිදී ඔබ විසින් සකස් කරන ලද කේන්ද්‍ර සටහන පොතක් ආකාරයෙන් මුද්‍රණය කරදිය හැක.

A. පොතක් ආකාරයට මුද්‍රණය කරන විට එහි මුල් පිටුවට යම්කිසි පින්තූරයක් දැමීමට අවශ්‍ය නම් “Browse” බොත්තම මඟින් ඔබගේ පරිඝණකයෙන් අවශ්‍ය පින්තූරය තෝරා මෙම ස්ථානයට ඇතුල් කර හැක.

B. පොතේ පිටකවරයෙහි උඩ සටහන් විය යුතු මාතෘකාව මෙහි සටහන් කල හැක.

C. ජන්ම පත්‍රය කෙළවර වන ස්ථානයෙහි ආශිර්වාදාත්මක ශ්ලෝකයක් මුද්‍රණය කිරීමට අවශ්‍ය නම් එය මෙම ස්ථානයේ සටහන් කල හැක.

D. මෙම පොත මුද්‍රණයේදී ජන්මියාගේ දශාව මුද්‍රණය විය යුත්තේ පළමු මහ දශාවේ සිට ඉදිරියටද නැතහොත් අද දිනයේ සිට ඉදිරියට ඇති මහ දශාද යන්න මෙමඟින් තෝරාගත හැක.

E. ඔබගේ නම සහ ලිපිනය මෙම පොතේ මුද්‍රණය විය යුතුද නැද්ද යන්න තෝරාගත හැක.

F. ඉපදීමට පෙර තිබූ දශා මුද්‍රණය කලයුතුද නැද්ද යන්න තෝරාගත හැක.

G. විම්ශෝත්තරී දශාව මුද්‍රණය කිරීමේදී ඉදිරියට මුද්‍රණය කලයුතු මහදශා ගණන ඔබට මෙමඟින් තෝරාගත හැක.

H. යෝගිණී දශාව මුද්‍රණය කිරීමේදී ඉදිරියට මුද්‍රණය කලයුතු මහදශා ගණන ඔබට මෙමඟින් තෝරාගත හැක.

පොරොන්දම් පරීක්ෂාව සඳහා

A. පොරොන්දම් පරීක්ෂාව මුද්‍රණය කිරීමේදී එහි මාතෘකාව ලෙස දැක්විය යුත්තේ කුමක්ද යන්න මෙහි සටහන් කලහැක.

B. පොරොන්දම් පරීක්ෂාවේදී අනු මාතෘකාව ලෙස දැක්විය යුත්තේ කුමක්ද යන්න මෙහි සටහන් කලහැක.

C. ඔබගේ නම සහ ලිපිනය පොරොන්දම් පරීක්ෂාවේ මුද්‍රණය විය යුතුද නැද්ද යන්න තෝරාගත හැක.

05) Sunrice Definition

A. සූර්යයා ක්ෂිතිජයේ හිස ස්පර්ෂ කරන සේ පෙනෙන වේලාවයි. ජ්‍යෝතිෂයේදී සූර්යෝදය ගණනය කරන නිවැරදිම ක්‍රමය ලෙස මෙය පිළිගැනේ. නමුදු විවිධ ගුරුකුළ වල මත එකිනෙකට වෙනස් ය.

B. සූර්යයාගේ උඩ කොටස සත්‍ය වශයෙන්ම නැගෙනහිර අහසේ උදාවන වේලාවයි.

C. සූර්යයාගේ මධ්‍ය ලක්ෂය නැගෙනහිර අහසේ උදාවන සේ පෙනෙන වේලාවයි. ඔබට ලංකා පංචාංග ග්‍රහස්ථුට ලිතේ සූර්යෝදය ගණනය කරන ආකාරයට ගණනය කිරීමට අවශණ නම් මෙය භාවිතා කරන්න. බොහෝ දෙනා ලංකා පංචාංග ග්‍රහස්ථුට ලිත ආකාරයට ගණනය කිරීම් සිදු කිරීමට කැමැත්ත දක්වන නිසා තරුකිරණ මෘදුකාංගයේ සැකසුම් වලදී ද ‍තෝරා ඇත්තේද මේ ක්‍රමයයි.

D. මෙම ක්‍රමය වැඩි වශයෙන් භාවිතා නොවන නමුත් අවශ්‍ය අයෙකුගේ ප්‍රයෝජනය උදෙසා ඇතුලත් කොට ඇත.

06) Display & Color Settings

A. ඔබ භාවිතා කරන චක්‍ර ක්‍රමය මෙමඟින් තෝරාගත හැක. ඔබ තෝරන චක්‍ර ක්‍රමය සෑම අවස්ථාවකදීම භාවිතා කෙරේ.

B. සූර්යය චක්‍ර ක්‍රමය භාවිතා කිරීමේදී පළමු භාවය ලෙස ලග්නය භාවිතා කිරීම මෙයින් තෝරා ගත හැක. මෙය ශ්‍රී ලංකාවේ සම්මත ක්‍රමයයි.

C. වර්ණ දිස්වීම ඔබගේ ඇසට අපහසු නම් චක්‍ර පසුබිම් වර්ණ ලෙස සුදු කළු පමණක් භාවිතා කිරීම මෙමගින් සිදුකල හැක.

D. තිරයේ දිස්වෙන හා මුද්‍රණය වන ඉංග්‍රීසි අකුරු වල ෆොන්ට් (Font) එක තමාට අවශ්‍ය ආකාරයෙන් මාරුකල හැක.

E. තිරයේ දිස්වෙන හා මුද්‍රණය වන සිංහල අකුරු වල ෆොන්ට් (Font) එක තමාට අවශ්‍ය ආකාරයෙන් මාරුකල හැක.

F. විශේෂ කරුණු දැක්විය යුත්තේ කුමන වර්ණයෙන් ද යන්න මෙමගින් තෝරාගත හැක.

G. ක්‍රිෂ්ණමූර්ති භාව සටහනේ අධිපති දැක්විය යුත්තේ කුමන වර්ණයෙන් ද යන්න මෙමගින් තෝරාගත හැක.

H. ආරූඩ පාද දැක්විය යුතුද නැද්ද යන්න මෙමගින් තෝරාගත හැක.

I. යුරේනස් නැප්චූන් හා ප්ලූටෝ දැක්විය යුතුද නැද්ද යන්න මෙමගින් තෝරාගත හැක.

J. ඉංග්‍රීසි අකුරු දැක්විය යුත්තේ කුමන වර්ණයෙන්ද යන්න මෙමගින් තෝරාගත හැක.

K. සිංහල අකුරු දැක්විය යුත්තේ කුමන වර්ණයෙන්ද යන්න මෙමගින් තෝරාගත හැක.

L. ග්‍රහයින් හා භාව දැක්විය යුත්තේ කුමන වර්ණයෙන්ද යන්න මෙමගින් තෝරාගත හැක.

M. හෝරා සහ ඝටී ලග්න දැක්විය යුතුද නැද්ද යන්න මෙමගින් තෝරාගත හැක.

07) Tathkala Settings

තත්කාල කේන්ද්‍ර සාදන අවස්ථා වලදී ජ්‍යෝතිෂවේදියා සිටින පලාත ස්ථානය ඇතුල් කල යුත්තේ මෙහිදීය. දත්ත ඇතුල් කොට Apply කිරීමෙන් පසු එම දත්ත සුරැකී තිබේ. ස්ථානය වෙනස් නොවන්නේ නම් නැවත නැවතත් දත්ත ඇතුලත් කිරීම අනවශ්‍යය.

08) Reset Calculation Settings

මෙමගින් ඔබ විසින් වෙනස් කරන ලද දත්තයන් සියල්ලම නැවතත් පළමු තත්වයටම ගෙන එනු ලබයි‍

Print

මුද්‍රණයට අදාල සැකසුම් හි වෙනස්කම් සිදුකිරීම සඳහා Option යටතේ ඇති Printing Setting අනු මාතෘකාව බලන්න.

*01) One Click
*

අවශ්‍ය මුද්‍රණ පිටපත් කිහිපයක් තෝරා එකවර මුද්‍රණය කල හැක.


02) Book

පිටු 08කින් යුත් කේන්ද්‍ර සටහන මුද්‍රණය කරගත හැක. තමන්ගේ නම ලිපිනය දුරකථන අංකය ආදිය ඇතුලත් කොට සියළුම විස්තර ඇතුලත් පොතක් ආකාරයට මුද්‍රණය ‍කර හැකි නිසා බොහෝ දෙනා මෙය භාවිතා කරයි.

03) Horoscope

තනි පිටුවක ආකාරයෙන් වූ ජන්ම පත්‍රය මුද්‍රණය කරගත හැක. පලාපල සටහනත් සමග ජ්‍යෝතිෂවේදීන් මෙම පිටුව මුද්‍රණය කර දෙනු ලබයි.

04) Varga Kendra (D-Charts)

මුද්‍රණය කල යුතු වර්ග කේන්ද්‍ර තෝරාගත හැක.

05) Krishnamurthi Charts

ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය මුද්‍රණය කරගත හැක.

06) Krishnamurthi Details

ක්‍රිෂ්ණමූර්ති පද්ධතියට අදාල විස්තර මුද්‍රණය කරගත හැක.

07) Graha Detail

ග්‍රහ දත්ත මුද්‍රණය කරගත හැක.

08) Ashtakavarga

අෂ්ටක වර්ග (ලග්නය සඳහා) මුද්‍රණය කරගත හැක.

09) Sudarshan Chakra

සුදර්ශන චක්‍රය මුද්‍රණය කරගත හැක.

10) Vimsothari dasa

විම්ශෝත්තරී දසා මුද්‍රණය කරගත හැක.

11) Bawa Chart

නිරයන භාව කේන්ද්‍රය මුද්‍රණය කරගත හැක.

මුද්‍රණය කිරීම

ඔබට මුද්‍රණය කිරීමට අවශ්‍ය සටහන තෝරා එය විවෘත කරගන්න.

එම සටහ‍නේ වම්පස ඉහළ කෙළවරේ ඇති File බොත්තම ඔබන්න, ඉන්පසු Print බොත්තම ඔබන්න.

විවෘත වන තිරයෙන් ඔබගේ පරිඝණකයට සම්භන්ධ කොට ඇති මුද්‍රණ යන්ත්‍රය (Printer) තෝරන්න. අනතුරුව Print බොත්තම ඔබන්න.

එවිට ඔබගේ මුද්‍රණ පිටපත මුද්‍රණය වනු ඇත.