තරු කිරණ - The Sinhala Astrology Software
සදිසි ලෝකයේ අදිසි මානය - Unseen factor of the seen world
2015-10-18 11:10:40 +0530

තරු කිරණ නිර්මාණය ආරම්භ කර දැනට වසර 9කට වඩා වැඩිය. ඒ කාලය තුල තරු කිරණ දිනෙන් දින වැඩිදියුණු වෙමින් අද පවතින තත්වයට පැමිණ ඇත. ඒ සමගම පරිගණක ලෝකයද සීඝ්‍රෙයන් වෙනස් විය. තරුකිරණ මෘදුකාංගය නව පරිගණක සහ නව පරිගණක පද්ධති සඳහා සහය දැක්වෙන ලෙස නැවත මුල සිට සැකසීමට අප අදහස් කළේ ඒ හේතුවෙනි. මේ වන විටත් මූලික තත්වයේ නව පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීම සිදුවෙමින් පවතී. දැනට තරු කිරණ මිලදී ගත් අය සඳහා මෙම මෘදුකාංගයේ බීටා වෙළුම භාවිතා කළ හැක.

තරු කිරණ 3.0 සිට අප Apple Mac, Windows සහ Linux යන පරිගණක පද්ධති සඳහා සහය දැක්වීමට අදහස් කරන්නෙමු. එසේම ඔබගේ iPhone, Android දුරකථන සහ ටැබ්(Tab) සඳහා ද Windows 8 ටැබ් සඳහා ද මෙම මෘදුකාගය ක්‍රියා කරන ලෙස සකසා නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ. (කේන්දරේ.com නමින් මෙම මෘදුකාංගය මේවන විට නිර්මාණය කර අවසානයි.)

ඒ සමඟ සියළුම ප්‍රධාන මෙහෙයුම් පද්ධති සඳහා සහය දක්වන ලංකාවේ නොව ලොව ප්‍රථම ජොතිෂ්‍ය මෘදුකාංගය වන්නේ තරු කිරණ මෘදුකාංගය යි. එසේම නව නිකුතුව ඉංග්‍රිසි භාෂාවෙන් ද ලබා ගැනීමට හැකි වනු ඇත. ඔබ දැනටමත් තරු කිරණ මිලදී ගත් පාරිභෝගිකයෙක් නම් පුද්ගලික පරිගණක සඳහා ස්ථාපනය කර ගත හැකි නව තරු කිරණ මෘදුකාංගය නිකුත් කළ පසුව නොමිලේම ලබා ගත හැක.